මොළයේ රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කරන බව කියන ඩොලර් 900ක් වටිනා 'Temple' ගැන ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක්.. වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්..
Thursday, 12 November 2026 - 18:42 | Views - 45
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා යන ආකාරය නිරීක්ෂණය කළ හැකි බව කියන පැළඳිය හැකි උපකරණයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් සහ එහි නිෂ්පාදකයන් අතර දැඩි මතභේදයක් හටගෙන තිබෙනවා.

අමෙරිකානු ඩොලර් 900ක් පමණ වටිනා මෙම උපකරණය 'Temple' ලෙස හඳුන්වන අතර, එය ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික දීපින්දර් ගෝයල් (Deepinder Goyal) විසින් සංවර්ධනය කරනු ලබනවා.

අඟලකට වඩා අඩු පළලකින් සහ ග්‍රෑම් දෙකකටත් අඩු බරකින් යුත් මෙම කුඩා උපකරණය නළල සහ කන අතර පිහිටි හිසෙහි පැත්තක සම මත සවි කළ හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

මෙම උපකරණය මගින් මොළයට රුධිරය ගලා යන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව නිෂ්පාදකයන් ප්‍රකාශ කළ ද, එම හැකියාවන් විද්‍යාත්මකව ප්‍රමාණවත් ලෙස තහවුරු කර නොමැති බවට ඉන්දියාවේ ප්‍රකට වෛද්‍යවරුන් පිරිසක් චෝදනා කර ඇති බව සඳහන්.

විශේෂයෙන්ම මෙම උපකරණයේ ක්‍රියාකාරිත්වය තහවුරු කරන ස්වාධීන විද්‍යාත්මක පර්යේෂණ සහ විශේෂඥ සමාලෝචනයට ලක් වූ අධ්‍යයන ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.

'TheLiverDoc' නමින් ප්‍රසිද්ධ ඉන්දීය අක්මා රෝග විශේෂඥ වෛද්‍ය සිරියැක් පිලිප්ස් (Cyriac Philips) මෙම උපකරණය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එය විශාල සෞඛ්‍ය වංචාවක් ලෙස ද හඳුන්වා තිබෙනවා.

තවත් ප්‍රකට වෛද්‍යවරයකු වන සංජීව් බගායි (Sanjeev Bagai) පවසා ඇත්තේ, Temple උපකරණයට විධිමත් වෛද්‍ය අනුමැතියක් නොමැති බවත්, එහි ප්‍රචාරණය කරන හැකියාවන් පිළිබඳ සැක මතුවන බවත්.

වෛද්‍ය ජේසන් පිලිප් (Jason Philip) ද පෙන්වා දී ඇත්තේ, මොළයට රුධිරය ගලා යන ආකාරය මැනීම සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.

හිසෙහි සම මත සවි කරන දෘශ්‍ය සංවේදක මගින් ලබාගන්නා දත්ත, මොළයේ රුධිර ප්‍රවාහයට වඩා මුහුණට සහ සමට රුධිරය සපයන මතුපිට ක්‍රියාකාරිත්වය පෙන්විය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන දීපින්දර් ගෝයල් අවධාරණය කරන්නේ, Temple යනු වෛද්‍ය උපකරණයක් නොව ශාරීරික යෝග්‍යතාව සහ සාමාන්‍ය සුවතාව නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද උපකරණයක් බවයි.

Temple සමාගම Reuters පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, එහි BrainFlow සහ Entropy යන මිනුම් දර්ශක තවමත් සංවර්ධනය වෙමින් පවතින විද්‍යාත්මක සංකල්ප මත පදනම් වන බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පර්යේෂණ සිදුකරන බවත්, ඇතැම් මිනුම් සඳහා නියාමන අනුමැතිය ලබාගැනීමට සිදුවිය හැකි බවත් සමාගම පවසනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආහාර බෙදාහැරීමේ සමාගමක් වන Zomato හි සම නිර්මාතෘවරයකු වන 43 හැවිරිදි ගෝයල්, Temple ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෙම වසරේදී Eteal සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වී ඇති බව සඳහන්.

පසුගිය පෙබරවාරි මාසයේදී Temple සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 54ක ආයෝජන රැස්කරගෙන ඇති අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 190ක් පමණ ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

නොවැම්බර් 1 වැනිදා සිට රටවල් 62කට වැඩි සංඛ්‍යාවකින් මෙම උපකරණය සඳහා ඇණවුම් ලැබී ඇති බව ගෝයල් ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය : රොයිටර්ස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top