ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය නැවතත් සීඝ්රයෙන් ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා.
මේ සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා වෛද්ය විශේෂඥ ප්රශිලා සමරවීර මහත්මිය ප්රකාශ කළේ, වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 131,088 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
වැසි සමයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමේ ප්රවණතාවක් පවතින බැවින්, තම නිවාස, ගෙවතු, පාසල් සහ රාජකාරි පරිශ්ර පරික්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.