මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15 | Views - 37
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක් (හෘදයාබාධ) හැදෙන්නේ නෑ..." කියලා හිතාගෙන කිසිම වෛද්‍ය පරීක්ෂණයක් නොකර සාමාන්‍ය විදිහට ඉන්න පිරිස අද සමාජයේ බොහොම වැඩියි.

හැබැයි කිසිම පූර්ව අනතුරු ඇඟවීමක් නැතුව හිටිගමන් බිම ඇදවැටී මියයන ප්‍රවණතාව අද ඉතාම බහුල වෙලා. ඒ නිසා නොදැනීම ජීවිතය නැතිවෙන්න කලින් කල්තියා සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම කොයිතරම් වටිනවාද?

විශේෂයෙන්ම ඔබ වයස අවුරුදු 40 සීමාව පසුකළ අයෙක් නම්, නැතහොත් දියවැඩියාව, අධි රුධිර පීඩනය (Presure) හෝ කොලෙස්ටරෝල් වැඩි අයෙක් නම් මේ ගැන දෙවරක් සිතිය යුතුයි.

මෙවැනි අවදානම් සාධක සහිත පුද්ගලයන් අවම වශයෙන් මසකට වරක්වත් රුධිර පීඩනය මැන බැලීම සහ ECG පරීක්ෂණයක් කරගැනීම ජීවිතය බේරාගැනීමට හේතුවක් විය හැකියි.

තවත් සමහර අයට පවුලේ ජානමය බලපෑම නිසා උපතින්ම හෘද බිත්තිවල ඝනත්වය වැඩිවීමේ තත්ත්වයන් පවතිනවා. මවුපියන්ට මෙම තත්ත්වය තිබුණා නම් දරුවන්ටද වැළඳීමේ හැකියාව පවතිනවා.

මෙවැනි අයට අධික ලෙස දිවීම හෝ වෙහෙසීම සුදුසු නැති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මහන්සියත් සමඟ ඇතිවන ක්ලාන්ත ගතිය (Syncopal Episode) නිසා ක්ෂණිකව බිම ඇදවැටීමේ වැඩි සම්භාවිතාවක් මෙවැනි අයට තිබෙනවා.

එමෙන්ම හදවතට බැටරි (Pacemaker) දමා ඇති අය මෙන්ම හෘද බිත්තිවල ඝනත්වය අඩු කිරීමට ප්‍රතිකාර ගන්නා අය, පපුවේ තද කැක්කුමක් එනතුරු කිසිසේත්ම බලා නොසිටිය යුතුයි.

සුළු හෝ සැක සහිත අපහසුතාවක්, ක්ලාන්තයක් හෝ මහන්සියක් දැනුණ සැනින් වහාම රෝහල්ගත විය යුතු බවයි වෛද්‍ය මතය වන්නේ.

හෘදයාබාධයක් ඇති වූ වහාම රෝගියා රෝහල්ගත කළහොත්, ක්ෂණික ECG පරීක්ෂාවකින් තත්ත්වය වටහාගෙන අද දියුණු වෛද්‍ය තාක්ෂණය ඔස්සේ කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කරනවා.

ශල්‍යාගාරයේදී අත හිරිවට්ටවා නහරයක් ඔස්සේ හෘදයේ කිරීටක ධමනි දක්වා සිහින් බටයක් සහ විශේෂ ඩයි වර්ගයක් යවා අවහිරතාව පරීක්ෂා කෙරෙනවා (Angiogram) එහිදී ලේ කැටියක් අවහිර වී ඇත්නම්, සිහින් වයර් එකක් මඟින් එය ඉවත් කර ස්ටෙන්ට් එකක් (Stent) තැන්පත් කිරීමෙන් රුධිර ගමනාගමනය ක්ෂණිකව යථා තත්ත්වයට පත් කළ හැකියි.

සමහර අවස්ථාවල ලේ කැටිය ඉවත් වීම සාර්ථක වුවහොත් ස්ටෙන්ට් දැමීමකින් තොරවම වුවද රෝගියා අනතුරින් ගලවා ගැනීමට හැකි වෙනවා.

කාලය නාස්ති නොකර, හෘද රෝග නැතැයි කියා නිහඬව නොසිට මසකට වරක්වත් පවුලේ වෛද්‍යවරයා හමුවී නිසි උපදෙස් ලබාගැනීම නිරෝගී දිගු දිවියකට එකම මඟයි.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top