කෘත්‍රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026 - 16:00 | Views - 31
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය ක්ෂේත්‍රයන්හි විශාල වෙනස්කම් සිදු වෙමින් පවතින බවත්, එමගින් නිෂ්පාදන ධාරිතාව ඉහළ ගියද විශේෂයෙන්ම තරුණ සේවකයන්ගේ රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බවත් නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම කෘත්‍රිම බුද්ධිය බද්ධ කිරීමට බීජිං පාලනය දරන උත්සාහය වේගවත් වීමත් සමග, මෘදුකාංග සංවර්ධනයේ සිට බෙදාහැරීමේ සේවාවන් දක්වා වූ ක්ෂේත්‍ර ගණනාවක නියුතු සේවකයන්ට මෙහි බලපෑම ඍජුවම එල්ල වෙමින් පවතිනවා.

මිනිසුන් විසින් සිදු කරන ලද පරිගණක කේතකරණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගත හැකිදැයි සිය ආයතනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රැකියාව අහිමි වූ බීජිං නුවර පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ෆෙයි ෂාඕජුන් ද මෙසේ අසරණ වූවන් අතරින් එක් අයෙක්.

එම සමාගමේ සිදු කරන ලද සේවක කප්පාදුවේදී රැකියාව අහිමි වූ 160 දෙනාගෙන් එක් අයෙකු වූයේ ෆෙයි ය.

මෙම තාක්ෂණික පරිවර්තනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ, කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් දිනෙන් දින දියුණු වීමත් සමඟ මධ්‍යම මට්ටමේ පරිගණක ක්‍රමලේඛක තනතුරු බොහොමයක් ප්‍රතිස්ථාපනය වෙමින් පවතින බවයි.

රැකියාව අහිමි වීමෙන් පසු තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඉවත් වූ ෆෙයි, තම ඊළඟ වෘත්තීය පියවර පිළිබඳව තීරණයක් ගන්නා තෙක් මේ වන විට කෙටි වීඩියෝ නිර්මාණය කිරීමේ නිරතව සිටිනවා.

චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වැළඳ ගැනීමේ වේගය අතිශය විමතිය දනවන සුළු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

වෙළඳපොළ බුද්ධි තොරතුරු සපයන IDC ආයතනයට අනුව, 2024 වසරේදී චීන කාර්මික ව්‍යවසායන්ගෙන් AI ආකෘති සහ ඒජන්තවරුන් භාවිතා කළේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක්.

කෙසේ වෙතත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ පිරිවැය අඩු කරගැනීමට සමාගම් දැක්වූ උනන්දුව නිසාම, පසුගිය වසර වන විට එම අගය සමස්ත කාර්මික ව්‍යාපාරවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙම තාක්ෂණික පරිවර්තනය එදිනෙදා ජන ජීවිතය තුළද වඩ වඩාත් පැහැදිලිව දැකගත හැකි වෙමින් පවතිනවා.

තැපැල් සහ පාර්සල් වර්ගීකරණ මධ්‍යස්ථාන ඇතුළු සැපයුම් ජාල මෙහෙයුම් සඳහා මානවරූපී රොබෝවරුන් යොදවා ඇති අතර, මාර්ග ගමනාගමන කළමනාකරණය වැනි කාර්යයන් සඳහාද ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතය ආරම්භ වී තිබෙනවා.

මීට අමතරව, නගර පුරා ආහාර බෙදාහැරීමේ රොබෝවරුන්ගේ භාවිතය සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පැවතීම, බෙදාහැරීමේ සේවාවන් සහ ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල රැකියාවල නිරත මිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් සහ බියක් ඇති කිරීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මූලාශ්‍රය - Quartz
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top