ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026 - 18:42 | Views - 25

ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය අතික්‍රමණය කළ ජනප්‍රිය Fast & Furious සිනමා කතා මාලාව ඇසුරින් නිර්මාණය කෙරෙන නව රූපවාහිනී මාලාවක් (TV Series) සඳහා Peacock ආයතනය විසින් නිල අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, මේ වනවිටත් මූලික නිෂ්පාදන අදියරට පිවිස ඇති මෙම නව කතා මාලාව 2028 වසරේදී ප්‍රේක්ෂකයින් වෙත විකාශය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රථම වරට තොරතුරු අනාවරණය වූයේ මේ වසරේ මැයි මාසයේ පැවති NBCUniversal වැඩසටහනකදී ප්‍රකට රංගන ශිල්පී Vin Diesel විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයක් සමඟයි.
මෙම නව රූපවාහිනී මාලාව සඳහා Vin Diesel විධායක නිෂ්පාදකවරයෙකු ලෙස එක්වන අතර, Sam Vincent, Neal H. Moritz, Pavun Shetty, Jeff Kirschenbaum සහ Chris Morgan ද විධායක නිෂ්පාදකවරුන් ලෙස මෙහෙයවීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම Mike Daniels සහ Wolfe Coleman මෙම නව මාලාවේ සම-ප්‍රධාන නිෂ්පාදකවරුන් ලෙසත්, පළමු කොටසේ රචකයන් සහ විධායක නිෂ්පාදකවරුන් ලෙසත් කටයුතු කරනු ලබනවා.
කෙසේ වෙතත්, මෙම නව රූපවාහිනී මාලාවේ ප්‍රධාන කතා තේමාව සහ ඊට රංගනයෙන් එක්වන ශිල්පීන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති බව Variety පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
(මූලාශ්‍රය: Variety)
Share This Article