දියවැඩියා අවදානම හඳුනාගන්න - ලෝක දියවැඩියා දිනය අදයි.. නිහඬ ඝාතකයෙකුගෙන් ආරක්ෂා වීමට දැනගත යුතුම දේ මෙන්න.
දියවැඩියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, එය වළක්වා ගැනීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා සත්කාර ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම අරමුණු කරගත් ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා.
සෑම වසරකම නොවැම්බර් 14 වැනිදා ලෝක දියවැඩියා දිනය සමරනු ලබන්නේ ඉන්සියුලින් හෝමෝනය සොයා ගැනීමට දායක වූ විද්‍යාඥ ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් බැන්ටින්ගේ උපන් දිනය සිහිපත් කරමින්.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (IDF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව 1991 වසරේදී මෙම දිනය හඳුන්වා දී ඇති අතර, 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ඇතිවන දිගුකාලීන රෝගී තත්ත්වයක් වන අතර, එය ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන බෝ නොවන රෝග අතරින් එකක් ලෙස සැලකෙනවා.
විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, නිතිපතා ශාරීරික ව්‍යායාමවල නිරත වීම සහ සිරුරේ බර පාලනය කිරීම වැදගත් බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
එමෙන්ම, දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකළහොත් හෘද රෝග, වකුගඩු ආබාධ, පෙනීමේ දුර්වලතා සහ ස්නායු ආබාධ ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.