තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026 - 17:19 | Views - 44
බොලිවුඩ් සුපිරි නළු රන්බීර් කපූර් ප්‍රධාන චරිතයට පණ පොවන 'Ramayana' චිත්‍රපටය තිරගත වීමටත් පෙර ඉන්දියාව තුළ දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ කල්තියා ප්‍රවේශපත්‍ර අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 15 ඉක්මවා ඇති බවයි.

බොක්ස් ඔෆිස් දත්ත විශ්ලේෂණ ආයතනයක් වන Sacnilk වාර්තා අනුව, ඔක්තෝබර් 29 වැනිදා වනවිට ඉන්දියාව තුළ චිත්‍රපටය සඳහා ප්‍රවේශපත්‍ර ලක්ෂ 2.98කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා.

ඒ අනුව, කළින් ප්‍රවේශපත්‍ර වෙන්කිරීම්වල සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 15.60ක් ලෙස සටහන් වී ඇති අතර, සිනමා ශාලා විසින් අවහිර කර තබා ඇති ආසනවල වටිනාකම ඉවත් කිරීමෙන් පසු එම අගය ඉන්දීය රුපියල් කෝටි 12.81ක් බව සඳහන්.

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම දැවැන්ත මිථ්‍යා කතාන්දරය පදනම් කරගත් චිත්‍රපටයේ රාම කුමරුගේ චරිතයට රන්බීර් කපූර් පණ පොවන අතර, සීතාගේ චරිතය සායි පල්ලවී නිරූපණය කරනවා.

එමෙන්ම දකුණු ඉන්දීය සුපිරි නළු යෂ් රාවණාගේ චරිතයට පණ පොවන අතර, සනී ඩියෝල් හනුමාන්ගේ චරිතය නිරූපණය කරනවා.

චිත්‍රපටයේ හින්දි භාෂා අනුවාදයට වැඩිම ප්‍රේක්ෂක ඉල්ලුමක් පවතින අතර, සමස්ත පෙර ඇනවුම් ප්‍රවේශපත්‍ර අලෙවියෙන් සියයට 84ක් හින්දි අනුවාදය සඳහා වෙන්වී තිබෙනවා.

ඒ අනුව, හින්දි අනුවාදය ඉන්දීය රුපියල් කෝටි 13.09ක ආදායමක් වාර්තා කර ඇති අතර, කන්නඩ අනුවාදය ඉන්දීය රුපියල් කෝටි 2.04ක අලෙවියක් වාර්තා කර තිබෙනවා.

තෙළිඟු අනුවාදයේ පෙර ඇනවුම් ප්‍රවේශපත්‍ර අලෙවිය ඉන්දීය රුපියල් ලක්ෂ 46.38ක් ලෙසයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත අනුව වැඩිම ප්‍රවේශපත්‍ර අලෙවිය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එහි අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 3.15ක් ලෙස සටහන් වී තිබෙනවා.

කර්ණාටක ප්‍රාන්තයෙන් ඉන්දීය රුපියල් කෝටි 3.08ක් සහ දිල්ලි ප්‍රදේශයෙන් කෝටි 2.88ක අලෙවියක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර, ඉන්දියාවෙන් පිටත ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළද Ramayana චිත්‍රපටයට ඉහළ ඉල්ලුමක් පවතිනවා.

විදෙස් රටවල පෙර ඇනවුම් ප්‍රවේශපත්‍ර අලෙවියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.58ක ආදායමක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම දායකත්වය උතුරු අමෙරිකාවෙන් ලැබී තිබෙනවා.

උතුරු අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 1.91ක ප්‍රවේශපත්‍ර අලෙවියක් වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයෙන් ඩොලර් 268,800ක අලෙවියක් වාර්තා වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් ඩොලර් 248,300ක අලෙවියක්ද වාර්තා වනවා.

මේ අතර, චිත්‍රපටයේ පූර්ව ප්‍රදර්ශන නැරඹූ පිරිස් එහි දෘශ්‍ය ප්‍රයෝග සහ දැවැන්ත නිෂ්පාදන පරිමාණය පිළිබඳ ප්‍රශංසා පළකර ඇති අතර, ඇතැම් විචාරකයින් එය හොලිවුඩ් සිනමා නිර්මාණයක් වන 'The Odyssey' සමග සංසන්දනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, චිත්‍රපටයේ ඉංග්‍රීසි භාෂා හඬකැවීම් සම්බන්ධයෙන් ඇතැම් විවේචනද එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රන්බීර් කපූර්ගේ 2023 වසරේ තිරගත වූ Animal චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළේ ආරම්භක සති අන්තයේදී අමෙරිකානු ඩොලර් මිලියන 13.19ක ආදායමක් උපයා තිබූ අතර, Ramayana චිත්‍රපටයට එම වාර්තාව අභිබවා යා හැකිද යන්න පිළිබඳවද සිනමා ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබෙනවා.

Ramayana චිත්‍රපටයේ ජාත්‍යන්තර බෙදාහැරීම Sony Pictures සමාගම සිදුකරනු ලබනවා.

නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය 2026 වසරේ ඉන්දීය සිනමාවේ දැවැන්තම ආදායම් වාර්තා අතරට එක්වනු ඇති බවට සිනමා විශ්ලේෂකයින් අපේක්ෂා පළකර තිබෙනවා.

මූලාශ්‍රය : The Indian Express
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top