හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
හොලිවුඩ් සිනමා ලෝලීන්ට අලුත්ම ආකාරයේ ත්‍රාසජනක අත්දැකීමක් තිළිණ කරමින් "Other Mommy" නමැති නවතම Horror සිනමාපටය 2026 ඔක්තෝබර් 9 වනදා Universal Pictures හරහා එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ තිරගත වීමට නියමිතව තිබෙනවා.
ප්‍රකට සිනමා අධ්‍යක්ෂ Rob Savage ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයට Jessica Chastain, Jay Duplass, Dichen Lachman සහ Arabella Olivia Clark වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා.
දෙමාපියන්ගේ පවුල් ආරවුල් හමුවේ දැඩි මානසික පීඩනයකින් පසුවන 8 හැවිරිදි කුඩා ගැහැණු ළමයෙකු වටා මෙම සිනමාපටයේ කතා පුවත ගොඩනැගී තිබෙනවා.
පවුලක් ඇතුළත ඇතිවන අර්බුදකාරී පසුබිම සහ ළමා මනසට එල්ලවන භීතිකාව මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමාපටය, ත්‍රාසජනක චිත්‍රපට ප්‍රියකරන සිනමා ලෝලීන්ට වෙනස්ම ආකාරයේ කුතුහලයක් සහ භීතියක් ගෙන එනු ඇති බවට සිනමා විචාරකයින් මත පළකරනවා.