බිලියනපති ගායිකාවගේ නවතම ව්‍යාපාරික උපක්‍රමය? බියොන්සේගේ හිස් ලී පෙට්ටිය ඩොලර් 1,000කට අලෙවියට..
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය සහ ඇයගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ඉතා සීමිත සංස්කරණයක් ලෙස හඳුන්වා දී ඇති නවතම භාණ්ඩ මාලාව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී ඇය විසින් අලෙවි කරනු ලබන 'Bey Keeper Collector's Box' නමින් හැඳින්වෙන ලී පෙට්ටියක මිල අමෙරිකානු ඩොලර් 948.01 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 300,000 කට ආසන්න ප්‍රමාණයක්) වීම හේතුවෙන් රසිකයන් දැඩි පුදුමයට හා විමතියට පත්ව ඇති බව වාර්තා වුණා.
මෙම ලී පෙට්ටිය විශේෂ සීමිත සංස්කරණයක් ලෙස නිෂ්පාදනය කර ඇත්තේ පිටපත් 500 ක් පමණක් වන අතර, බියොන්සේගේ උපන්දිනය වන සැප්තැම්බර් 4 වැනි දින සංකේතවත් කරමින් මෙම අමුතු මිල (9/4) නියම කර තිබෙනවා.
වයිනයිල් (vinyl) තැටි ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා සකස් කර ඇති මෙම පෙට්ටිය සෝන් පයින් (pine) ලීයෙන් අතින් සකස් කර, කොළ පැහැති වෙල්වට් රෙද්දකින් අභ්‍යන්තරය ආවරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, රසිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත්තේ මෙම ඉහළ මිල ගෙවා මිලදී ගත්තද, ඒ සමඟ කිසිදු සංගීත තැටියක් (vinyl records) නොලැබීමත් මෙහි ඇති විශේෂත්වයක්.
පෙට්ටිය ඇතුළත සම්පූර්ණයෙන්ම හිස්ව පැවතීම සහ සාමාන්‍ය ලී පෙට්ටියක් සඳහා මෙතරම් අධික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ගායිකාවට දැඩි විවේචන එල්ල වී ඇති අතර, බිලියනපතියෙකු වන ඇය මෙලෙස තවදුරටත් මුදල් ඉපැයීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ඇතැම් රසිකයන් පෙන්වා දෙනවා.