"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026 - 12:28 | Views - 36

සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් යුවළගේ පවුලට තවත් අලුත් අමුත්තෙකු එක්වුණා.
සිය පුංචි කැදැල්ල තවත් ආදරයෙන් හා සතුටින් පුරවාලමින් ඔවුන්ගේ තුන්වන බිළිඳා පසුගිය ඔක්තෝබර් 26 වන දින මෙලොව එළිය දුටු බව නිතිෂා සිය සමාජ මාධ්ය ගිණුමට අතිශය ආදරණීය සටහනක් එක් කරලා තිබුණා.
"MONTY NOAH RAJAPAKSE" යනුවෙන් නම් තබා ඇති මෙම සුරතල් පුංචි කුමාරයා උපත ලබන විට බරින් කිලෝග්රෑම් 4.239ක් සහ උසින් සෙන්ටිමීටර 50.17ක් වූ බව ඇය සටහනක් මුහුණුපොතට එක් කර තිබෙනවා.
තම සතුට වචනවලට පෙරළමින් ඇය මුහුණුපොතට එක් කර තිබූ ඒ ආදරණීය සටහන මෙසේයි,
"With hearts overflowing with happiness, we welcome our precious 3rd baby, MONTY NOAH RAJAPAKSE! You are our newest blessing, our sweetest little miracle, and forever a piece of our hearts. Mama, Dada, Meili & Norie love you endlessly!"
(සතුටින් පිරී ඉතිරී ගිය හදවතින් යුතුව අපේ ආදරණීය තුන්වැනි බිළිඳා, මොන්ටි නෝවා රාජපක්ෂව අපි ආදරයෙන් පිළිගන්නවා! ඔයා තමයි අපිට ලැබුණු අලුත්ම ආශිර්වාදය, අපේ සොඳුරුතම පුංචි හාස්කම වගේම හැමදාමත් අපේ හදවතේ කොටසක්. අම්මි, තත්ති, මීලී සහ නොරී ඔයාට නිමක් නැතිව ආදරෙයි!)
මේ වන විටත් පුංචි මොන්ටි නෝවා කුමාරයාගේ පැමිණීම වෙනුවෙන් ක්ෂේත්රයේ ප්රවීණයින්, දේශපාලන හා ව්යාපාරික ක්ෂේත්රවල හිතමිතුරන් මෙන්ම දහස් සංඛ්යාත රසික රසිකාවියන් මුහුණුපොත හරහා සිය උණුසුම් සුබපැතුම් සහ ආශිර්වාද එක් කරමින් සිටිනවා.
අලුත උපන් පුංචි මොන්ටි නෝවා බිළිඳාට නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ පිරි සුබ අනාගතයක් වේවායි අපිදු හදවතින්ම ප්රාර්ථනා කරමු..
Share This Article