තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරනවා.
විද්යා ප්රබන්ධ චිත්රපටවල පමණක් දක්නට ලැබුණු මෙම විශේෂාංගය සැබෑවක් බවට පත් කරමින් එය එළිදැක්වුණේ ටෙස්ලා හි මව් සමාගමක් වන ස්පේස්එක්ස් (SpaceX) ආයතනයට අයත් ටෙක්සාස්හි පරීක්ෂණ මධ්යස්ථානයේදීයි.
මෙම නවතම 'රෝඩ්ස්ටර්' (Roadster) ද්වි-ආසන ක්රීඩා මෝටර් රථයට තත්පරයකටත් අඩු කාලයකදී පැයට සැතපුම් 0 සිට 60 දක්වා වේගයක් ලබාගත හැකි බව ටෙස්ලා ප්රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් සඳහන් කළා.
මීට අමතරව වාහනය යට ඇති රික්තක (suction) තාක්ෂණය භාවිතයෙන් බෑවුමක ඉහළට ගමන් කර, උඩුකුරුව එල්ලී සිටිමින්, වාතයේදී හැරී වායු ජෙට් (air jets) ආධාරයෙන් ගොඩබසින ආකාරයද මෙහිදී ප්රදර්ශනය කෙරුණා.
මෙම රථය නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීයි.
කෙසේ වෙතත්, මෙය සැබෑ ලෙසම පියාඹන වාහනයක් ලෙස ක්රියාත්මක කළ හැකිද යන්න සහ දිගු දුර පියාසැරි සඳහා එය කොතරම් දුරට ගැළපේද යන්න පිළිබඳව විශේෂඥයන් අතර තවමත් විවිධ මත පවතිනවා.
මූලාශ්රය - CNN