Narnia අලුත්ම චිත්රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්රේලරය
'Barbie' චිත්රපටයේ දැවැන්ත සාර්ථකත්වයෙන් පසු සම්මානනීය අධ්යක්ෂිකා ග්රේටා ගර්විග් (Greta Gerwig) විසින් නිර්මාණය කරනු ලබන දැවැන්ත ෆැන්ටසි චිත්රපටය වන “Narnia: The Magician’s Nephew” හි ප්රථම ට්රේලරය නිකුත් කර තිබෙනවා.
C.S. ලුවිස්ගේ (C.S. Lewis) සුප්රකට “The Chronicles of Narnia” ග්රන්ථ මාලාව ඇසුරෙන් නිපදවෙන මෙම චිත්රපටයේ කතාව ගොඩනැගී ඇත්තේ 'ඩොග්රි' (Digory) සහ 'පොලි' (Polly) නම් ළමුන් දෙදෙනා විසින් නාර්නියා හි අද්භූත ලෝකය ප්රථම වරට සොයාගැනීමේ අත්දැකීම වටා යි.
ලෙඩ් සෙප්ලින් (Led Zeppelin) සංගීත කණ්ඩායමේ සුප්රකට “Stairway to Heaven” ගීතය පසුබිමින් වාදනය වන මෙම සපිරි ට්රේලරයේදී 'ජාඩිස්' හෙවත් අනාගත හිම රැජින ලෙස එමා මැකී (Emma Mackey) ද, මැජික්කාර 'ඇන්ඩෲ' ලෙස ප්රකට රංගන ශිල්පී ඩැනියෙල් ක්රේග් (Daniel Craig) ද දර්ශනය වෙනවා.
විශේෂයෙන්ම, නාර්නියා හි ප්රධාන චරිතයක් වන 'ඇස්ලාන්' (Aslan) නම් අද්භූත සිංහයාට හඬකවනු ලබන්නේ ප්රවීණ රංගන ශිල්පිනී මෙරිල් ස්ට්රීප් (Meryl Streep) විසිනි.
මෙම කතා මාලාව කුඩා කල සිටම තමන්ගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කළ එකක් බව නිව් යෝර්ක් නුවර පැවැති විශේෂ මාධ්ය දර්ශනයකදී අධ්යක්ෂිකා ග්රේටා ගර්විග් සඳහන් කළා.
නෙට්ෆ්ලික්ස් (Netflix) සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්රපටය, ඔවුන්ගේ ඉතිහාසයේ ප්රථම වතාවට ලොව පුරා සිනමාහල් තුළ ප්රදර්ශනය කිරීමට (Global theatrical release) නියමිත අතර, එය 2027 වසරේ පෙබරවාරි 12 වන දින සිනමාහල් වෙතත්, අප්රේල් 02 වන දින නෙට්ෆ්ලික්ස් වෙතත් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මූලාශ්රය - Variety