ඉන්දීය සිනමාවම කළඹමින් දින 8කින් කෝටි 1,000 සීමාව පසුකළ 'රාමායන' Pathaan සහ Animal වාර්තා අභිබවා ගිය අපූරු ගමන..
Friday, 13 November 2026 - 18:57 | Views - 10
බොලිවුඩ් සහ ඉන්දීය සිනමාවේ මෙතෙක් පැවති සියලුම බොක්ස් ඔෆිස් වාර්තා උඩුයටිකුරු කරමින්, නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු 'Ramayana: Rise of a Legend' චිත්‍රපටය සිනමා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියා තිබෙනවා.

රන්බීර් කපූර්, සායි පල්ලවී, රවී ඩුබේ සහ කන්නඩ සුපිරි තරුව යෂ් (Yash) ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය, තිරගත වී දින 8ක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 1,000 සීමාව පසුකර යාමට සමත් වී තිබීම මේ වන විට ලෝක සිනමාවේම දැඩි කතාබහට ලක්ව ඇති පුවතක්...

සිනමා දත්ත විශ්ලේෂක Sacnilk වාර්තාවලට අනුව, පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 12) වන විට ඉන්දියාව තුළ පමණක් ශුද්ධ ආදායම රුපියල් කෝටි 564.60ක් ලබා ගැනීමට Ramayana සමත් වුණා.

ඒ අනුව, ශාරුක් ඛාන්ගේ සුපිරි චිත්‍රපටයක් වූ Pathaan (කෝටි 544.28) සහ රන්බීර් කපූර්ගේම මෙතෙක් හොඳම ආදායම් වාර්තාව වූ Animal (කෝටි 556.36) යන චිත්‍රපට දෙකේම සම්පූර්ණ ආදායම් වාර්තා, දින 8ක් වැනි කෙටි කාලයකින් අභිබවා යාමට මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා.

විදෙස් රටවලින් ලැබුණු රුපියල් කෝටි 358.50ක ආදායමත් සමඟ, දින 8ක් අවසානයේ චිත්‍රපටයේ සමස්ත ලෝක ආදායම රුපියල් කෝටි 1,033.55ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, ඉන්දීය සිනමා ඉතිහාසයේ කෝටි 1,000 සීමාව පසුකළ 11 වැනි චිත්‍රපටය බවට පත්වූ Ramayana, එම කඩඉම පසුකළ 3 වැනි වේගවත්ම ඉන්දීය චිත්‍රපටය ලෙසයි ඉතිහාසගත වන්නේ.

නොවැම්බර් 5 වැනිදා තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටයට දීපවාලි උත්සව සමයත් සමඟ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණේ අතිවිශාල ප්‍රතිචාරයක්. විශේෂයෙන්ම 5 වැනි දිනයේදී ඉන්දියාව තුළ පමණක් කෝටි 107.50ක දැවැන්ත ආදායමක් වාර්තා කිරීමට චිත්‍රපටය සමත් වුණා.

මෙම සමස්ත ඉන්දීය ආදායමෙන් කෝටි 437ක් හින්දි භාෂාවෙනුත්, කන්නඩ (කෝටි 48.95), තෙළිඟු (කෝටි 38.05), දෙමළ (කෝටි 22.15) සහ මලයාලම් (කෝටි 18.45) යන භාෂාවලිනුත් වාර්තා වී තිබෙනවා.

රන්බීර් කපූර් 'රාමා' ලෙසත්, සායි පල්ලවී 'සීතා' ලෙසත්, යෂ් 'රාවණා' ලෙසත් අතිවිශිෂ්ට රංගනයක නිරත වන මෙම චිත්‍රපටයේ පළමු කොටස අවසානයේ ප්‍රේක්ෂකයින් මවිතයට පත්කරමින් සුපිරි නළු සනී ඩියෝල් හනුමාන්ගේ චරිතයෙන් හඳුන්වා දී තිබෙනවා.

නමිත් මල්හෝත්‍රා සහ යෂ් එක්ව නිෂ්පාදනය කරන මෙහි දෙවැනි කොටස 2028 දීපවාලි උත්සවයට සමගාමීව තිරගත කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top