හුස්ම ගන්නත් බැරි තරමට ඝන දුමාරයකින් වැසී ගිය නවදිල්ලිය.. ලොව වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි පත්වෙයි.. ලාහෝරය දෙවැනි තැනට..
Friday, 13 November 2026 - 17:27 | Views - 59
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබෙනවා.

ඒ අනුව, පාකිස්ථානයේ ලාහෝර් නගරය අභිබවා දිල්ලි නගරය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එහි වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමකට පහත වැටී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ස්විට්සර්ලන්තයේ IQAir ආයතනයට අනුව, අද (13) දිල්ලි නගරයේ වායු ගුණාත්මක දර්ශකය (AQI) ඒකක 334ක් ලෙස සටහන් වී තිබෙනවා. එය අනතුරුදායක මට්ටමක් ලෙස වර්ගීකරණය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මධ්‍යම දූෂණ පාලන මණ්ඩලය (Central Pollution Control Board) නිකුත් කළ දත්තවලට අනුව එම අගය ඒකක 403ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඉතා දරුණු මට්ටමක් ලෙස නම් කර තිබෙනවා.

මෙම දර්ශක අගයන් දෙක අතර වෙනසට හේතුව එම ආයතන භාවිත කරන මිනුම් ක්‍රමවේද සහ වායු ගුණාත්මකභාවය වර්ගීකරණය කරන ආකාරයේ වෙනස්කම් බව වාර්තා වනවා.

මේ වනවිට දිල්ලි නගරය ඝන දුමාරයකින් වැසී ඇති අතර, ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනයට සහ දෘශ්‍යතාවට ද එය බලපෑම් එල්ල කර තිබෙනවා.

උතුරු ඉන්දියාවේ සහ ඊට අසල්වැසි පාකිස්ථානයේ ශීත ඍතුවේදී වායු දූෂණය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක්. ශීත කාලයේදී බරැති සීතල වාතය හේතුවෙන් වාහනවලින් පිටවන දුම, ඉදිකිරීම්වලින් ඇතිවන දූවිලි සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනයෙන් නිකුත් වන දුම වායුගෝලයේ රැඳී පැවතීම ඊට හේතු වී තිබෙනවා.

මූලාශ්‍රය - Reuters
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top