ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026 - 19:03 | Views - 38
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ නගරයේදී 10 වන "Pingyao Crouching Tiger Hidden Dragon" අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය සැප්තැම්බර් 24 වැනිදා අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.

සිනමා උළෙලේ සමාරම්භක රාත්‍රිය තවත් අලංකාර කරමින් Unitree සමාගමේ නිර්මාණයක් වන AI රොබෝවරුන්ගේ අපූර්ව නර්තනයක්ද වේදිකා ගත වූ අතර, පසුගිය ගිම්හානයේදී සමුගත් ටෝනි රේන්ස්, ෂී නන්සුන්, සයිමන් ෆීල්ඩ් සහ ගුඕ ලැන්යැං යන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සිවුදෙනා වෙනුවෙන් විශේෂ ප්‍රණාමයක්ද මෙහිදී පුද කරනු ලැබුවා.

එමෙන්ම පෙරදිග සහ අපරදිග සිනමා සංස්කෘතීන් යා කරමින් කළ සේවය උදෙසා හොංකොං නව රැල්ලේ සිනමාකාරිනියක වන ඈන් හුයි (Ann Hui) වෙත "Crouching Tiger Hidden Dragon East-West" සම්මානය පිරිනැමූ අතර, එහිදී සියලු දෙනාම නැගී සිටිමින් ඇයට සිය උණුසුම් ප්‍රණාමය පුද කළා.

මෙම අතිදැවැන්ත සිනමා උළෙලේ නිර්මාතෘ ජියා ෂැංකේ (Jia Zhangke) ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් එක්වූ අතර, ප්‍රකට රංගන ශිල්පී හුවැං බෝ (Huang Bo) සහ ලී සින්ජේ (Lee Sinje) ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

චීන Wu Tiao Ren සංගීත කණ්ඩායමේ විනෝදාත්මක ඉදිරිපත් කිරීම්වලින් සහ "Spring in a Small Town" ප්‍රතිසංස්කරණය කරන ලද සිනමාපටය තිරගත කරමින් ආරම්භ වූ මෙම විශේෂිත සිනමා උළෙල එළඹෙන සැප්තැම්බර් 30 වැනිදා දක්වා පුරා සතියක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මූලාශ්‍රය: Variety
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top