AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය" (Super Intelligence – SI) ලෙස හැඳින්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විප්ලවීය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
"Artificial Intelligence" යන වචනය මගින් මෙම උසස් තාක්ෂණය ව්‍යාජ හෝ බොරු එකක් ලෙස හැඟවෙන බව නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී අමෙරිකානු රාජ්‍ය ලේඛනවල පමණක් නොව ලොව පුරාම "Artificial" වෙනුවට "Super" යන වචනය භාවිත කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.
පසුගිය සතියේ සිය Truth Social ගිණුම හරහා AI සඳහා "Superior Intelligence", "Extreme Intelligence" සහ "Supreme Intelligence" වැනි නව නම් කිහිපයක් පිළිබඳව ජනතාවගෙන් මත විමසුමක්ද සිදුකර ඇති අතර, එහිදී "Super Intelligence" යන නම වැඩි කැමැත්තක් ලබාගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කළා.
කෙසේ වෙතත්, "Super Intelligence" යන යෙදුම දැනට පවතින AI පද්ධති සඳහා භාවිත කිරීම නොමග යවන සුළු බව මෙල්බර්න් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලවල පරිගණක විද්‍යා හා ඩිජිටල් ආචාරධර්ම පිළිබඳ විශේෂඥයින් සඳහන් කර තිබෙනවා.
මන්ද තාක්ෂණ ක්ෂේත්‍රය තුළ එම යෙදුම භාවිත කරන්නේ මිනිසාගේ හැකියාවන් සෑම අංශයකින්ම අභිබවා යන ඉතා උසස් බුද්ධි පද්ධතියක් හැඳින්වීමටයි.
තාක්ෂණික විශේෂඥයින්ගේ විවේචන කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සමීපතමයන් දැනටමත් මෙම "Super Intelligence" යන යෙදුම භාවිත කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.