"අන්ධකාරය පරදා ප්‍රඥාවේ හා කරුණාවේ පහන දල්වමු!" අගමැති හරිනි අමරසූරියගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය..
Sunday, 08 November 2026 - 10:06 | Views - 37
දීපවාලී උත්සවය වෙනුවෙන් අගමැති හරිනි අමරසූරිය සිය සුබ පැතීමේ පණිවිඩය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි බහුජාතික, බහුආගමික රටක දීපාවලී උත්සවය යනු අප අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි ඇය සඳහන් කර සිටින්නේ.

අගමැතිවරිය තැබූ සටහන පහතින්.

''අන්ධකාරය පරදා ආලෝකය උදා කරමින්, නපුරට එරෙහිව යහපත ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරන දීපාවලි උත්සවය, ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි උත්සවයක්.

පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වනවා සේම, අපගේ සිත් තුළ ඇති ද්වේෂය, ඊර්ෂ්‍යාව සහ අඥානකම නමැති අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාවේ හා කරුණාවේ පහන දැල්වීමට මෙම උතුම් දිනය අපට කදිම අවස්ථාවක් ලබා දෙයි.

ශ්‍රී ලංකාව වැනි බහුජාතික, බහුආගමික රටක දීපාවලී උත්සවය යනු අප අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව මම විශ්වාස කරමි.

විවිධත්වයෙන් අනූන අපගේ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරමින්, ජාති, ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට දීපාවලී උත්සව සමයේදී අප සැම අධිෂ්ඨාන කරගත යුතුය.

දීපාවලී දිනය ලක් වැසි ලෝවැසි සියළු හින්දු භක්තිකයින්ට සතුට, සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි!''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top