අනුරාධපුර - රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3ක් ගැටී මාරක අනතුරක්.. මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට - 50කට අධික පිරිසක් රෝහලේ..
මුළු රටම දැඩි ශෝකයට පත් කරමින් අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයෙන් වාර්තා වූ අතිශය බිහිසුණු මෙන්ම කණගාටුදායක බස් අනතුරක් වාර්තා වුණා.
අද (10) උදෑසන කාලයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ දෙකක් සහ තවත් පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී මෙම මාරක අනතුර සිදුව ඇති බව මිහින්තලය පොලිසිය තහවුරු කර සිටිනවා.
මුලින් ලැබුණු වාර්තා අනුව තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසුණද, අනතුරේ බරපතළකම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එපමණක් නොවෙයි මේ බිහිසුණු ගැටුමෙන් තුවාල ලැබූ 50කට අධික මගීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර, රඹෑව සහ මැදවච්චිය යන රෝහල් වෙත ඇතුළත් කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බව වාර්තා වුණා.
උදෑසන කාලයේ සිදු වූ මේ අනතුරත් සමඟ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙනවා.