ඩබ්ලින් හිදී සංගක්කාරට සිදුවූ අකරතැබ්බය ගැන ගුවන් සේවයෙන් පිළිතුරු.. රයන්එයාර් ආයතනයෙන් හෙළි වූ පුදුම සහගත තොරතුරු..
Friday, 30 October 2026 - 21:59 | Views - 45
අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී (Dublin Airport) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයන්ට රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය (gate staff) විසින් වෙනස්කොට සැලකීම සහ තර්ජනාත්මක ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පූර්ව නායක කුමාර් සංගක්කාර කළ චෝදනාවට අදාළ ගුවන් සේවය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Daily Mail පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් රයන්එයාර් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ, අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවන් අතරතුරදී සංගක්කාරගෙන් අවශ්‍ය වීසා ලේඛන ඉල්ලා සිටි අවස්ථාවේදී ඒවා ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි.

"අදාළ පරීක්ෂාවන් අවසන් කිරීමෙන් සහ මෙම මගියාගේ ගමන් කිරීමේ සුදුසුකම් තහවුරු කරගැනීමෙන් අනතුරුව, ඔහු ඔක්තෝබර් 28 වන දින ඩබ්ලින් සිට බ්‍රිස්ටල් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයෙන්ම ගමන් කළා," යනුවෙන් Daily Mail Sport වෙත අදහස් දක්වමින් එම ගුවන් සේවය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර, පසුගිය බදාදා පස්වරුවේ X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය දැඩි කනගාටුව පළකර තිබුණා.

සිය පවුල සමඟ ගමන් කරද්දී මුහුණදීමට සිදු වූ මෙම සිදුවීම පිළිගත නොහැකි, කම්පන සහගත මෙන්ම තර්ජනාත්මක හැසිරීමක් බවද, ඩබ්ලින් නුවරදී මුහුණ දුන් පළමු නරකම අත්දැකීම මෙය බවද සංගක්කාර එහිදී සඳහන් කර තිබුණා.

මූලාශ්‍රය - Daily Mail / gulfnews
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top