සම්බාධක හමුවේ විදේශ මුදල් සෙවීමට ක්‍රිප්ටෝ කොල්ලයක්? Binance සයිබර් ප්‍රහාරය පිටුපස කිම් ජොන් උන්ගේ රජය සිටින බවට සැක..
Saturday, 31 October 2026 - 15:36 | Views - 54
ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සමාගම වන Binance වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක ඩිජිටල් වත්කම් සොරාගැනීමේ දැවැන්ත සයිබර් ප්‍රහාරය පිටුපස උතුරු කොරියානු රජයේ සහාය ලබන ප්‍රබල හැකර් කණ්ඩායමක් සිටින බවට ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සැක පළ කර තිබෙනවා.

ලොව ප්‍රමුඛ බ්ලොක්චේන් දත්ත විශ්ලේෂණ ආයතන දෙකක් වන TRM Labs සහ Chainalysis පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරයට උතුරු කොරියාවට සම්බන්ධ Lazarus Group හෙවත් TraderTraitor නමැති හැකර් කණ්ඩායම සම්බන්ධ බවට ඉහළ විශ්වාසනීයත්වයකින් යුත් තොරතුරු හඳුනාගෙන ඇති බවයි.

මෙම සයිබර් ප්‍රහාරය මෙතෙක් වාර්තා වූ විශාලතම ක්‍රිප්ටෝ මුදල් කොල්ලය ලෙස සැලකෙන අතර, එය උතුරු කොරියානු හැකර්වරුන්ගේ තාක්ෂණික හැකියාවන් තවදුරටත් වර්ධනය වී ඇති බවට සාක්ෂියක් විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ලොව දුප්පත්ම රටවල් අතරට අයත් උතුරු කොරියාවේ සාමාන්‍ය ජනතාවට අන්තර්ජාල ප්‍රවේශය දැඩි ලෙස සීමා කර තිබුණද, එරට රජය ඉතා දියුණු සයිබර් ප්‍රහාරක කණ්ඩායම් පවත්වාගෙන යන බවට දිගු කලක සිට චෝදනා එල්ල වී තිබෙනවා.

විශේෂයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රජය ජාත්‍යන්තර සම්බාධක හමුවේ විදේශ මුදල් උපයාගැනීම සඳහා සයිබර් අපරාධ භාවිත කරන බවට විශේෂඥයන් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, උතුරු කොරියාව එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උතුරු කොරියාවට සම්බන්ධ බවට සැක කෙරෙන හැකර් කණ්ඩායම් මීට පෙරද ජාත්‍යන්තර අවධානයට ලක්වූ දැවැන්ත සයිබර් ප්‍රහාර කිහිපයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඉන් ප්‍රධානතම සිදුවීමක් වන්නේ 2014 වසරේදී අමෙරිකාවේ Sony Pictures සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නිරූපණය කළ The Interview චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසු Sony Pictures සමාගම මෙම ප්‍රහාරයට ලක්ව තිබුණා.

එහිදී සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ දහස් ගණනක් අනාවරණය වී තිබුණා.

එමෙන්ම, 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 620ක ක්‍රිප්ටෝ මුදල් සොරාගැනීමේ සිද්ධියකටද උතුරු කොරියානු හැකර්වරුන් සම්බන්ධ බවටයි සැක පළ වී ඇත්තේ.

විදෙස් වාර්තා අනුව, උතුරු කොරියාව සිය විශ්වවිද්‍යාලවලින් තාක්ෂණික දක්ෂතා දක්වන සිසුන් තෝරාගෙන ඔවුන් එරට බුද්ධි අංශ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ හැකර් කණ්ඩායම් වෙත යොමු කරන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම කණ්ඩායම්වල ඇතැම් සයිබර් මෙහෙයුම් උතුරු කොරියාවට අසල්වැසි චීනයේ සිට ක්‍රියාත්මක වන බවටද තාක්ෂණික විශ්ලේෂණ ආයතන පෙන්වා දී තිබුණා.

මූලාශ්‍රය : BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top