"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධතාවක්..
Saturday, 12 September 2026 - 10:54 | Views - 52
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර අපූරු විරෝධතාවක් පවත්වා තිබෙනවා.

පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම සුවිශේෂී විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් ඉතා සංකේතාත්මක විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙලෙස විරෝධතාවට එක්වූ බව එමෙන්ම මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ දැවැන්ත පිම්ම නිසා ඉදිරියේදී සමස්ත රැකියා වෙළඳපොළට එල්ල විය හැකි දැඩි බලපෑම පිළිබඳව පුළුල් මහජන කථිකාවතක් ගොඩනැගීමේ අරමුණින් 'Democratism' සංවිධානය මගින් මෙම අපූරු විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top