සුවදායී නින්දකට සහ පහසු අවදිවීමකට සරල රහස්.. ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව පුහුණු කරගන්නා හැටි මෙන්න.
Monday, 07 September 2026 - 13:46 | Views - 28
අප බොහෝ දෙනෙකුට උදෑසනින් අවදි වීම සඳහා ජංගම දුරකතනයේ හෝ ඔරලෝසුවක alarm ශබ්දය මත විශ්වාසය තැබීම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය කොටසක් වී අවසන්.

කෙසේ වෙතත්, කිසිදු alarm උපකරණයක සහයකින් තොරව නියමිත වේලාවට ස්වයංක්‍රීයව අවදි වීමට ඔබේ ශරීරය පුහුණු කිරීමෙන්, උදෑසන ඇති වන නිදිමත සහ අලස බව අඩු කරගනිමින් වඩාත් ප්‍රබෝධමත් මනෝභාවයක් ලබාගැනීමට හැකි බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙනවා.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට දිනකට පැය 7 සිට 9 දක්වා නින්දක් අත්‍යවශ්‍ය වන බව පැය 6කට වඩා අඩු නින්දක් ලබා ගැනීමෙන් අකල් මරණ අවදානම 20%කින් පමණ ඉහළ යා හැකි අතර, එක් එක් පුද්ගලයාගේ ජෛව විද්‍යාත්මක චක්‍රීය රිද්මය අනුව නිදා ගැනීමට අවශ්‍ය කාලය යම් ප්‍රමාණයකට වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා.

ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව (Circadian Rhythm) නිසි ලෙස සකස් කරගැනීමට නින්දට යන වේලාව සහ අවදි වන වේලාව ස්ථාවරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

අපගේ අභ්‍යන්තර ඔරලෝසුව පාලනය කරන ප්‍රධානතම සාධකය වන්නේ ස්වාභාවික ආලෝකයයි.

රාත්‍රී කාලයේදී අඳුරු තිර භාවිත කරමින් ආලෝකය අවම කිරීම මගින් ශරීරයට මෙලටොනින් (Melatonin) හෝමෝනය නිපදවීමට සංඥා කරන අතර, උදෑසන දීප්තිමත් ආලෝකය ලැබීමට සැලැස්වීමෙන් කෝටිසෝල් (Cortisol) හෝමෝනය වර්ධනය වී ශරීරය අවදියෙන් තැබීමට උපකාරී වෙනවා.

ඊට අමතරව, නින්දට පැය දෙකකට පෙර සුවපහසු දෛනික චර්යාවකට හුරු වීම සහ කාමරයේ උෂ්ණත්වය පහත මට්ටමක පවත්වා ගැනීම ද සුවදායී නින්දකට මග පාදනවා.

නින්දට ඇති විශාලතම බාධාව වන්නේ රාත්‍රී කාලයේ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයයි.

තිරවලින් නිකුත් වන නිල් පැහැති ආලෝකය මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලනය මගින් ලැබෙන ඩොපමයින් උත්තේජනය නිසා නින්ද ප්‍රමාද වන බව සොයාගෙන තිබෙනවා.

එම නිසා නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය සීමා කිරීම, කැෆේන් සහ මත්පැන් පානයෙන් වැළකීම මෙන්ම නින්දට පැය 3කට පෙර රාත්‍රී ආහාරය ලබා ගැනීම මගින් alarm එකක් නොමැතිව ස්වභාවිකවම නිසි වේලාවට අවදි වන සෞඛ්‍ය සම්පන්න ශරීර රටාවක් නිර්මාණය කරගන්න ඔබටත් පුළුවන්..

මූලාශ්‍රය : බීබීසී පුවත්..
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top