මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළට.. වැඩිම බලපෑම ගම්පහ දිස්ත්‍රික්කයෙන්..
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ අගයක් පෙන්නුම් කරන අතර, සැප්තැම්බර් මාසයේ ගෙවුණු මුල් දින හය තුළ දිවයින පුරා වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.
සමස්ත රෝගී සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම අගය 20,527 ක් ලෙස සටහන් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මීට අමතරව, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම නිසා පවතින වර්ෂාපතනයත් සමඟ පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.