ඉන්දියාව ආශ්‍රිත "ඔර්නබ්" සුළි කුණාටුව දුර්වල වෙයි.. ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා වූ අනතුරු ඇඟවීම් ඉවත් කරයි..
Thursday, 29 October 2026 - 17:24 | Views - 36
ඉන්දියාවේ උතුරු වෙරළබඩ ආන්ද්‍ර ප්‍රදේශය අශ්‍රිතව පැවති “ඔර්නබ්” (Aab) සුළි කුණාටුව, මේ වන විට, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම පද්ධතිය තවදුරටත් ආසන්න වශයෙන් උතුරු දෙසට ගමන් කරමින්, අද (29) දින උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වාත්, අද ප.ව. 5.30 වන විට අඩු පීඩන කලාපයක් දක්වාත් දුර්වල වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට මෙම පද්ධතියේ බලපෑම අද දිනය තුලදී ක්‍රමයෙන් අඩු වනු ඇති.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ඉවත් කරන බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වෙනවා.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top