සමාජ මාධ්‍ය කැළඹූ අමුතුම චීන චිත්‍රපටය Niu Lai.. නරක වැඩි නිසාම සාර්ථක වූ අදහාගත නොහැකි සිනමා කතාව..
Thursday, 20 August 2026 - 16:19 | Views - 204
වීරයෙක් වීමට සිහින මවන ගව පැටියෙකුගේ පැමිණීමේ කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වූ 'Niu Lai' නැමැති චීන ඇනිමේෂන් චිත්‍රපටය මේ වන විට මුළු සිනමා ලෝකයම උඩුයටිකුරු කරමින් දැවැන්ත ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.

ආරම්භක දිනයේදී සිනමාශාලා 250ක පමණ තිරගත කළ ද ප්‍රේක්ෂකයින් 12 දෙනෙකු පමණක් පැමිණීම නිසා සිනමාශාලා රැසකින් මෙය ඉවත් කිරීමට පවා සිදුවූ අතර, මුල් දින 10 තුළ අලෙවි වූයේ ටිකට් 300ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක්.

කෙසේ වෙතත්, කලා ලෝකයේ ප්‍රකට "So Bad it's good" එහි ඇති අඩුපාඩු නිසාම එය විනෝදජනක වීම යන සංකල්පය පදනම් කරගනිමින්, චිත්‍රපටය නැරඹූ මුල් ප්‍රේක්ෂකයින් මෙහි වීඩියෝ හිස් කොටස් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට පටන් ගත්තා.

සින් යුමෙන්ග් (Xin Yumeng) නැමැති තරුණයාගේ ඇනිමේෂන් චිත්‍රපටයක් කිරීමේ සිහිනය සැබෑ කරනු පිණිස, ඔහුගේ 60 හැවිරිදි ආදරණීය මව වන සන් ලීෆැන්ග් (Sun Lifang) තමන් සතු එකම ව්‍යාපාරය ද වසා දමා සම්පූර්ණ මුදල් කැප කරමින් මෙම දැවැන්ත අවදානම භාරගෙන තිබෙනවා.

3D තාක්ෂණය, තිරපිටපත් ලිවීම, සංගීතය, හඬකැවීම් මෙන්ම වීඩියෝ එඩිටිං දක්වා සෑම දෙයක්ම ස්වයංව ඉගෙන ගනිමින්, පරණ පරිගණක කොටස් එකතු කරගෙන වසර 5ක් පුරා මෙම අම්මා සහ පුතා කළ අසිරියෙන් පිරි අරගලය සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලිවෙන්නක්.

චීන පංචාංගයට අනුව 'ගොනාගේ වසරේ' උපත ලැබූ තමන්ගේ ආදරණීය පියාණන්ට ගෞරවයක් ලෙස ප්‍රධාන චරිතයට 'වස්සෙකු' යොදාගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය, මුල් දින 10 තුළ ප්‍රේක්ෂකයින් නොමැතිව අසාර්ථක වන ලකුණු පහළ කළ ද, මෙම අමුතුම මාදිලියේ නිර්මාණය පිළිබඳව ප්‍රේක්ෂකයින් තුළ ඇතිවූ දැඩි කුතුහලය සහ සමාජ මාධ්‍ය රැල්ල හේතුවෙන් සිනමාහල් වෙත පිරිස් රොක්වීමට පටන් ගත් අතර, කිසිදු නිල ප්‍රචාරණ පිරිවැයකින් තොරවම චිත්‍රපටය ඩොලර් මිලියන 3.5ක අතිදැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

AI තාක්ෂණය පිරිණු ලෝකයක මිනිස් ශ්‍රමයේ සහ ආදරයේ සැබෑ සුවඳ මුසු වූ මෙම අපූරු නිර්මාණයෙන් පසුව, ඔවුන් දෙදෙනා මේ වන විට 'යැන්ග් ගාඕ' (Yang Gao) නැමැති සිය ඊළඟ චිත්‍රපටයේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා.
May be an image of rhinoceros
May be an image of rhinoceros
May be an image of text
May be an image of vulture and Superman
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top