මෙරටින් වසරකට පිළිකා රෝගී දරුවන් දහසක්.. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෙළිකළ සංවේදී පුවත..
Thursday, 10 September 2026 - 21:10 | Views - 201
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල පසුවන දරුවන් අතරින් වසරකට 900ත් 1000ත් අතර සංඛ්‍යාවක් අලුතින් පිළිකා රෝගීන් ලෙස වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙලෙස හඳුනාගනු ලබන ළමා පිළිකා රෝගීන් අතර බහුලවම දක්නට ලැබෙන්නේ ලියුකේමියා (තෙලසීමියා සහ රුධිරය ආශ්‍රිත පිළිකා), වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා (Lymphoma), මොළයේ පිළිකා, අස්ථි පිළිකා සහ ඇස් ආශ්‍රිත පිළිකා බවයි.

කෙසේ වෙතත්, වැඩිහිටියන්ට වැළඳෙන පිළිකා මෙන් නොව ළමුන්ට වැළඳෙන පිළිකා මුල් අවධියේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පූර්ණ ලෙස සුවපත් කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එබැවින් දරුවන්ගේ ශරීරයේ ඇතිවන නොසිතූ වෙනස්කම්, නිතර ඇතිවන උණ, අධික ලෙස බර අඩුවීම, අස්ථිවල වේදනාව හෝ සිරුරේ ඇතිවන ගෙඩි වැනි ලක්ෂණ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top