මෙරටින් වසරකට පිළිකා රෝගී දරුවන් දහසක්.. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෙළිකළ සංවේදී පුවත..
Thursday, 10 September 2026 - 21:10 | Views - 31
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල පසුවන දරුවන් අතරින් වසරකට 900ත් 1000ත් අතර සංඛ්‍යාවක් අලුතින් පිළිකා රෝගීන් ලෙස වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙලෙස හඳුනාගනු ලබන ළමා පිළිකා රෝගීන් අතර බහුලවම දක්නට ලැබෙන්නේ ලියුකේමියා (තෙලසීමියා සහ රුධිරය ආශ්‍රිත පිළිකා), වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා (Lymphoma), මොළයේ පිළිකා, අස්ථි පිළිකා සහ ඇස් ආශ්‍රිත පිළිකා බවයි.

කෙසේ වෙතත්, වැඩිහිටියන්ට වැළඳෙන පිළිකා මෙන් නොව ළමුන්ට වැළඳෙන පිළිකා මුල් අවධියේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පූර්ණ ලෙස සුවපත් කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එබැවින් දරුවන්ගේ ශරීරයේ ඇතිවන නොසිතූ වෙනස්කම්, නිතර ඇතිවන උණ, අධික ලෙස බර අඩුවීම, අස්ථිවල වේදනාව හෝ සිරුරේ ඇතිවන ගෙඩි වැනි ලක්ෂණ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වුණා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top