ශල්‍යකර්ම නැතුව ගර්භාෂ ගෙඩි සුව කරන්න පුළුවන්ද? වෛද්‍යවරු හෙළි කළ සැබෑ කතාව..
Sunday, 04 October 2026 - 9:32 | Views - 40
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් සමාජයට කතා කරන්න බය, ඒ වගේම හංගගෙන ඉන්න ලෙඩක් තමයි මේ ගර්භාෂ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroids) කියන්නේ.

ගොඩක් කාන්තාවන් මේ ගැන රහසක් විදිහට තියාගන්නේ ගර්භාෂය ආශ්‍රිතව ඔපරේෂන් එකක් කරන්න වෙයි කියන බයටයි. හැබැයි මේක හංගගෙන හිටියොත් වෙන්නේ ලොකු විනාශයක්.

ආයුර්වේද වෛද්‍ය අභයතිලක දේවගිරි මහතා පෙන්වා දෙන විදිහට, මේවා ගර්භාෂයේ මෘදු මාංශ පටක එකතු වෙලා හැදෙන ගැටිති විශේෂයක්. ආයුර්වේදයට අනුව මේවා හිංසක නොවන අර්බුද (පිළිකා නොවන) විදිහටයි සැලකෙන්නේ. කාන්තාවන්ගෙන් 10%කට විතර මේ තත්ත්වය එන්න පුළුවන්.

විශේෂම කතාව තමයි, අවිවාහක කාන්තාවන්ට වගේම සම කළු කාන්තාවන්ට මේ අවදානම ටිකක් වැඩි බවයි වෛද්‍යවරයා කියන්නේ. වයස අවුරුදු 15ත් 50ත් අතර කාන්තාවන්ට තමයි මේ රිස්ක් එක ගොඩක්ම තියෙන්නේ.

හැබැයි බයවෙන්න එපා, මේවායින් 1%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි පිළිකාවක් දක්වා දුරදිග යන්නේ. ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා මේ ගෙඩි හටගන්නා බවයි පැවසෙන්නේ.

ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද කියලා දැන්ම චෙක් කරගන්න.

සමහර අයට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති වුණත්, මේ පහළ තියෙන ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්නම වෙනවා:

මාසික ඔසප් කාලයේදී අධිකව ලේ ගැලීම සහ රුධිරය කැටි විදිහට පිටවීම, යටි බඩේ සහ කොන්දේ දරාගන්න බැරි වේදනාව, නිතර නිතර මුත්‍රා පිටවීම, මලබද්ධය වගේම වමනය, රෝගය උත්සන්න වුණාම බඩ ඉස්සරහට නෙරා ඒම (ගැබිනියක් වගේ දිස්වීම), වළලුකර පහළ කොටස ඉදිමීම සහ නහර ගැටගැසීම.

ඔව්! ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට ෆයිබ්‍රොයිඩ් නිසා දිගින් දිගටම ගබ්සාවීම් වෙන්න පුළුවන්. ඒ නිසා දිගින් දිගටම ගබ්සා වීම් වෙනවා නම් අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂණයක් කරලා බලන්නම ඕනේ. ගැබිනි සමයේදී මේ තත්ත්වය තිබුණොත්, ඒ සඳහා ප්‍රතිකාර කරන්නේ දරුවා ලැබුණාට පසුවයි.

බටහිර වෛද්‍ය ක්‍රම වගේම ආයුර්වේදයේත් මේකට සාර්ථක ප්‍රතිකාර තියෙනවා. අද වෙද්දි MRI වගේ පරීක්ෂණ හරහා මේ ගෙඩිවල ප්‍රමාණය, තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන්. ශෝතන, ශ්‍රමණ, තර්පන වගේ ආයුර්වේද ප්‍රතිකාරවලින් මේ ගෙඩිවලට ප්‍රතිකාර කරනවා.

ඒ වගේම මේ වගේ තත්ත්වයක් එන එක වළක්වා ගන්න නම්, ඇඟේ බර පාලනය කරගන්න එක, වස විස නැති කාබනික පළතුරු සහ එළවළු කන එක, මත්පැන් පානය සීමා කරන එක වගේම යෝගා සහ භාවනා කරන එක ගොඩක් වැදගත්.

ඉතින් මේ ලක්ෂණ තියෙනවා නම් බයවෙලා හැංගිලා ඉන්නේ නැතුව ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න. මේ ගැන නොදන්න කාන්තාවන් ගොඩක් ඉන්න නිසා ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ ආටිකල් එක ෂෙයාර් කරගෙනම යන්න.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top