වැසි සහිත කාලගුණයත් එක්ක ආපු මාරයා.. අකුණු සැර වැදී පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට..
Sunday, 04 October 2026 - 15:01 | Views - 48
අකුණු සැර වැදීමෙන් නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.

මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ, ෆාමස්ටන් වත්තේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය තැනැත්තා තවත් තිදෙනෙකු සමඟ අදාළ නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටි අවස්ථාවේදී ඊයේ (03) පස්වරු 4:30ට පමණ මෙම අකුණු සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එම අකුණු සැර වැදීම හේතුවෙන් ඉදිකෙරෙමින් පැවති නිවසට ද හානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ සිටි අනෙක් තිදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top