ශ්‍රී ලාංකීය අනන්‍යතාව ප්‍රතික්ෂේප කළ මෛත්‍රී රාමක්‍රිෂ්ණන්.. Netflix තරුවට එරෙහිව සමාජ මාධ්‍ය කැළඹෙයි..
Wednesday, 23 September 2026 - 15:36 | Views - 34
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි උණුසුම් සංවාදයක් සහ විරෝධයක් මතුව තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුන්වා දීම ප්‍රතික්ෂේප කරමින්, කැනේඩියානු ජාතිකයෙකු සහ දෙමළ සංස්කෘතික පසුබිමක් සහිත අයෙකු ලෙස තමන්ව නිරූපණය කිරීමයි.

එමෙන්ම ඇයගේ ස්වදේශීය අනන්‍යතාව ‘ඊළාම් දෙමළ’ ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.

ඇයගේ Instagram ගිණුමේ සටහන් සහ Netflix හි ‘Best of the Best’ චිත්‍රපටය සම්බන්ධයෙන් පළ කර ඇති සටහන් යටතේ මේ පිළිබඳව විවිධ අදහස් පළ වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ දෙමාපියන් සිටියදී තම මව්බිමේ අනන්‍යතාව මෙලෙස ප්‍රතික්ෂේප කිරීම සහ එය ලෝකය හමුවේ වැරදි ලෙස නිරූපණය කිරීම පිළිගත නොහැකි බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ සංස්කෘතික පසුබිම සහ අනන්‍යතාව තීරණය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව කියමින් තවත් පිරිසක් ඇයව ආරක්ෂා කරමින් අදහස් දක්වනවා.

සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නවතම චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මෙම සංවාදය සමාජ මාධ්‍ය තුළ තවදුරටත් උණුසුම් වී ඇති බව වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top