"සීතා දේවියගේ චරිතය ලැබීම මහත් ආශීර්වාදයක්.." 'රාමායණ' පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයේදී සායි පල්ලවී කියූ දේ...
Wednesday, 22 July 2026 - 17:06 | Views - 297
නිටේෂ් තිවාරි (Nitesh Tiwari) අධ්‍යක්ෂණය කරන දැවැන්ත 'රාමායණ' (Ramayana) සිනමාපටයේ ප්‍රචාරක පටය (Trailer) එළිදැක්වීමේ පූර්ව උත්සවයේදී, එහි සීතා දේවියගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනී සායි පල්ලවී (Sai Pallavi) දැක්වූ අදහස් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.

නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හිදී පැවැති මෙම අභිමානවත් උත්සවයට රන්බීර් කපූර්, සායි පල්ලවී සහ යෂ් ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වුණා.

එහිදී සිය චරිතය පිළිබඳ අදහස් දැක්වූ සායි පල්ලවී සඳහන් කළේ, දෙවඟනකගේ චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි පහසු නැති බවත්, සීතා දේවියගේ චරිතය තමන්ට හිමිවීම ලැබුණු මහත් ආශීර්වාදයක් ලෙස සලකන බවත්. එමෙන්ම එම චරිතයට පිවිසීමට පෙර තමන් භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලා සිටි බව ද ඇය දැනුම් දුන්නා.

කොටස් දෙකකින් සමන්විත මෙම දැවැන්ත සිනමා පටයේ පළමු කොටස 2026 නොවැම්බර් 8 වන දින දීපාවලි උත්සවයට සමගාමීව තිරගත කිරීමට නියමිත අතර, එහි නිල ට්‍රේලරය ජූලි 24 වන දින එළිදැක්වීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර් රාම් ලෙසත්, සායි පල්ලවී සීතා ලෙසත්, යෂ් රාවණ ලෙසත් ප්‍රධාන චරිත රඟදක්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top