"සීතා දේවියගේ චරිතය ලැබීම මහත් ආශීර්වාදයක්.." 'රාමායණ' පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයේදී සායි පල්ලවී කියූ දේ...
Wednesday, 22 July 2026 - 17:06 | Views - 36
නිටේෂ් තිවාරි (Nitesh Tiwari) අධ්‍යක්ෂණය කරන දැවැන්ත 'රාමායණ' (Ramayana) සිනමාපටයේ ප්‍රචාරක පටය (Trailer) එළිදැක්වීමේ පූර්ව උත්සවයේදී, එහි සීතා දේවියගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනී සායි පල්ලවී (Sai Pallavi) දැක්වූ අදහස් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.

නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හිදී පැවැති මෙම අභිමානවත් උත්සවයට රන්බීර් කපූර්, සායි පල්ලවී සහ යෂ් ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වුණා.

එහිදී සිය චරිතය පිළිබඳ අදහස් දැක්වූ සායි පල්ලවී සඳහන් කළේ, දෙවඟනකගේ චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි පහසු නැති බවත්, සීතා දේවියගේ චරිතය තමන්ට හිමිවීම ලැබුණු මහත් ආශීර්වාදයක් ලෙස සලකන බවත්. එමෙන්ම එම චරිතයට පිවිසීමට පෙර තමන් භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලා සිටි බව ද ඇය දැනුම් දුන්නා.

කොටස් දෙකකින් සමන්විත මෙම දැවැන්ත සිනමා පටයේ පළමු කොටස 2026 නොවැම්බර් 8 වන දින දීපාවලි උත්සවයට සමගාමීව තිරගත කිරීමට නියමිත අතර, එහි නිල ට්‍රේලරය ජූලි 24 වන දින එළිදැක්වීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර් රාම් ලෙසත්, සායි පල්ලවී සීතා ලෙසත්, යෂ් රාවණ ලෙසත් ප්‍රධාන චරිත රඟදක්වනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top