කිසිවක් ආනයනය නොකර බිලියන 24.8ක් පිටරටට පන්නපු හැටි.. සැකකරු කොටිකාවත්තේදී කොටු වෙයි.
Wednesday, 23 September 2026 - 13:47 | Views - 35
පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාස 11ක කාලයක් තුළ කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය නොකර, ව්‍යාජ ආයතන 6ක් හරහා රුපියල් බිලියන 24.8කට අධික අමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් විදේශ ගිණුම් වෙත නීති විරෝධී ලෙස යොමු කළ බවට සැකපිට පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අතිවිශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිස් නිලධාරීන් විසින් සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.
සූක්ෂම ලෙස ආයතන හයක් යොදාගනිමින් කිසිදු ආනයන කටයුත්තක් සිදු නොකර මෙලෙස මෙරටින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටවල පිහිටි ගිණුම් වෙත යවා ඇති ආකාරය පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින අතර, මෙම මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සහ පසුපස සිටින ප්‍රබලයින් සොයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article