කළුලෑල්ලේ හුණුකූරෙන් ලියපු කාලේ ඉවරයි.. ලංකාවේ පාසල් ඩිජිටල් කරන්න අගමැතිනියගෙන් සුපිරි වැඩපිළිවෙළක්..
Tuesday, 22 September 2026 - 23:01 | Views - 31
කාලයෙන් කාලයට වෙනස් වන ලෝකයත් සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයද දැවැන්ත ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් පාසල් පන්ති කාමර සවිබල ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කර සිටියා.

දිවයින පුරා පිහිටි පාසල් වෙත අලුත්ම 'සුහුරු පුවරු' (Smart Boards) 4,570ක් බෙදාහැරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ඒ අනුව 2024 වසරේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ලබාගත් ස්මාර්ට් බෝඩ් 1,000ක් දැනටමත් පාසල් 1,000කට ලබා දී අවසන් කර තිබෙනවා.

ඊට අමතරව චීන ආධාර යටතේ ලැබුණු ස්මාර්ට් බෝඩ් 900න් 500ක්ම මේ වන විටත් පාසල් වෙත යොමු කර ඒවා සවිකිරීමේ කටයුතුද වේගවත්ව සිදු වෙමින් පවතිනවා.

එමෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හරහා තවත් ස්මාර්ට් බෝඩ් 2,670ක් පළාත් මට්ටමින් බෙදාහැරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.

එම අමාත්‍යාංශයෙන් ලබාදෙන ස්මාර්ට් බෝඩ් අතුරින් වැඩිම ප්‍රමාණය වන බෝඩ් 524ක් වයඹ පළාතට හිමිව ඇති අතර, පිළිවෙලින් බස්නාහිරට 481ක්, නැගෙනහිරට 371ක්, ඌව පළාතට 363ක්, දකුණට 311ක්, උතුරු මැදට 200ක්, මධ්‍යම පළාතට 170ක්, සබරගමුවට 150ක් සහ උතුරු පළාතට බෝඩ් 100ක් ලෙස බෙදී යනවා.

ලංකාවේ දූ දරුවන්ට නවීන තාක්ෂණය සමීප කරමින් පන්ති කාමර යාවත්කාලීන කරන මෙම පියවර අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංවර්ධන ලකුණක් ලෙස සැලකෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top