මෙරට සිසුන්ගේ මානසික සෞඛ්‍යයට තර්ජනයක්.. දෛනික සමාජ මාධ්‍ය භාවිතය නිසා 10-13 ශ්‍රේණිවල 60%කට දැඩි ආතතිය..
දෛනිකව සමාජ මාධ්‍ය භාවිතයේ නිරතවීම හේතුවෙන් මෙරට පාසල්වල දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 60.1%ක පිරිසක් දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ මෙම විශේෂ පර්යේෂණයට අනුව පාසල් සිසුන් තුළ පවතින මෙම ආතති තත්ත්වය පිළිබඳව තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා.
දහවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා වන වයස් කාණ්ඩවල සිසුන් මෙලෙස දැඩි මානසික ආතතියෙන් පෙළෙන අතර, ඔවුන්ගෙන් සියයට 24.1%ක පිරිසකට සායනික මට්ටමේ විශාද ලක්ෂණ (Depression symptoms) පවතින බව අනාවරණය වී තිබෙනවා.
දිනපතා සමාජ මාධ්‍ය භාවිතය සේම අධ්‍යාපන රටාව තුළ ඇති පීඩනය, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ පවුල් පසුබිම තුළ පවතින විවිධාකාර ගැටලු ද මෙම තත්ත්වය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම වයසින් වැඩි සිසුන් සහ ගැහැනු ළමයින් මෙම මානසික පීඩනයට වැඩිපුර ගොදුරු වී ඇති බව මෙම සමීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.
සිසුන් මුහුණ දෙන මෙම මානසික සෞඛ්‍ය අභියෝගයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමත්, පාසල් මෙන්ම ජාතික මට්ටමින් ද ඒ සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලබාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පර්යේෂණය මෙහෙයවූ මනෝ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්..