අදත් සවස් වෙද්දී අහස කළු කරයි.. ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම අම්පාර, මඩකලපුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම අනුරාධපුරය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.