රිය අනතුරක් මුල්කරගෙන කළ පහරදීම.. නාවලපිටිය නගරාධිපති ඇතුළු පවුලේ පිරිසට වැඩ වරදියි..
Monday, 12 October 2026 - 14:38 | Views - 36
වාහන අනතුරක් මුල්කරගෙන පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගරාධිපතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ බෑණනුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

නාවලපිටිය - තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ බව්වාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් මෙම ගලග්‍රහණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාගේ නිවස ඉදිරිපිටදී පාර හරහා මාරු වූ පුද්ගලයෙකු, නාවලපිටිය දෙසට ධාවනය වූ Trail වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් පසුගිය 10 වැනිදා රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නගර සභා සභාපතිවරයාගේ සමීප ව්‍යාපාරික හිතවතෙකු වන අතර, අදාළ යතුරුපැදිය පදවා ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුර සිදුවීමෙන් පසු දෙපාර්ශ්වය අතර උණුසුම් බහින්බස්වීමක් හටගෙන ඇති අතර, එය දුරදිග යාමෙන් පහරදීම සිදුව තිබෙනවා. අනතුරෙන් සහ පහරදීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලටත්, අනතුරට ලක්වූ අනෙක් පුද්ගලයා මහනුවර පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ සහ නාවලපිටිය පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top