පාරිභෝගිකයන්ට තවත් දරාගන්න බැරි බරක්.. රතු ලූනු සහ බිත්තර මිල යළිත් ඉහළට..නවතම වෙළෙඳපොළ මිල ගණන් මෙන්න..
Monday, 23 November 2026 - 8:45 | Views - 14
පසුගිය සතියට සාපේක්ෂව වෙළෙඳපොළේ දේශීය රතුලූනු සහ බිත්තර මිල තවත් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේ දේශීය රතුලූනු කිලෝග්‍රෑමයක් අද (22) වන විට රුපියල් 500 ත් 650 ත් අතර මිලකට අලෙවි වන බවයි.
පසුගිය සතියේදි දේශීය රතුලූනු කිලෝවක් අලෙවි වුණේ රුපියල් 420 ත් 450 ත් අතර මිලකටයි.
එමෙන්ම වෙළෙඳපොළේ එළවළු මිල තවදුරටත් පවතින්නේ ඉහළ මිලකයි.
ඒ අනුව කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා ආදී එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 ත් 650 ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වුණේ.
මීට අමතරව දෙහි කිලෝග්‍රෑමයක මිල යළිත් වරක් රුපියල් 1,000 ඉක්මවා තිබෙනවා.
මේ අතර, වෙළෙඳපොළේ බිත්තර මිල ඇතැම් ප්‍රදේශවල රුපියල් 46 දක්වා ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වනවා.
Share This Article