පාකිස්ථානය අභිබවා ශ්‍රී ලංකාවෙන් අභිමානවත් පෙරළියක් ලකුණු 446ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සාර්ථකව නිම වෙයි..
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දෙපිළම පළමු ඉනිම සඳහා සාර්ථක ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් පළමු ඉනිම ක්‍රීඩා කල පාකිස්ථාන කණ්ඩයම කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ක්‍රීඩා කරමින් සියලු දෙනා දැවී ලකුණු 446ක් ලෙස අවසන් වුණා.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණු 167ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
පාකිස්ථාන පන්දු යැවීම වෙනුවෙන් අනගි සේවයක් ඉටු කළ ෂකීබ් ඛාන් ලකුණු 130කට කඩුලු 7ක් දවාගත් අතර, මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් බිඳහෙළීමට සමත් වුණා.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් ශ්‍රී ලංකා පලමු ඉනිම අවසන් වුණා.