2027 නව අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට.. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙයි..
ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විටත් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
අයවැය විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 26 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වෙන අතර, දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන 20 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එළඹෙන 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින හතරක් ද ඇතුළුව දින 19 ක් පැවැත්වෙන අතර තුන්වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත්වෙනවා.
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදායි.