අනුරාධපුරයේ සාමකාමී උපවාස භූමියට පොලු රැගෙන පිරිසක් කඩා පනිති.. පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 04 නමක් පොලිස් භාරයට..
අනුරාධපුරයේ සාමකාමී උපවාස භූමියට පොලු රැගෙන පිරිසක් කඩා පනිති.. උණුසුම් තත්ත්වයෙන් පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 04 නමක් පොලිස් භාරයට.. උපවාස අට්ටාලයත් ඉවත් කෙරේ..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව රුවන්වැලි මහ සෑය අසල සත්යග්රහ සහ මාරාන්තික උපවාසයක නිරත වී සිටින ස්වාමීන් වහන්සේ පිරිස වැඩසිටින ස්ථානයට ශාසනයෙන් නෙරපා හැරිය රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිසක් පැමිණීමත් සමග අද (12) එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
හටගත් උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මැදිහත්වී සිටිනවා.
යෝජිත සංවර්ධන ගැසට් පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස බලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් දින කිහිපයක සිට මෙම විරෝධතාවයේ සහ උපවාසයේ නිරත වෙමින් සිටිනවා.
මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, අදාළ විරෝධතා ස්ථානය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ නියෝග ද නිකුත් කර තිබුණා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස ඇතිවූ උණුසුම් සිද්ධියෙන් අනතුරුව, එම ස්ථානයේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 04 නමක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, උන්වහන්සේලා උපවාසයේ නිරතව සිටි අට්ටාලය ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.