අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල් 6කට හෙට නිවාඩු.. පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය විදුහල්පතිවරුන්ට..
නුවරඑළිය දිස්ත්‍රික්කයට දැනට බලපා ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, හෙට (25) දින පාසල් විවෘත කර පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ සම්පූර්ණ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව අධ්‍යාපන බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.
පවතින අතිශය අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6කට හෙට (25) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක සඳහන් කළා.
එමෙන්ම පවතින තත්ත්වය මත සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගෙන ඒ පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, හැටන් කලාප අධ්‍යාපන බලප්‍රදේශයට අද (24) දිනයේ ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමටද අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබුණා.
හෙට (25) දිනයේ පවතින කාලගුණික තත්ත්වය සලකා බලා පාසල් විවෘත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හැටන් කලාපයේද විදුහල්පතිවරුන්ට පවරා ඇති බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත කවිරාජ් ප්‍රකාශ කළා.
යම් හෙයකින් පාසල වසා දැමීමට තීරණය කරන්නේ නම් ඒ පිළිබඳව වහාම කලාප කාර්යාලය දැනුවත් කරන ලෙසටද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී සිටිනවා.