අධික වැස්සෙන් ගිං ගඟ පිටාර මට්ටමට.. ප්‍රදේශ කිහිපයකටම ඉදිරි පැය 24 ඇතුළත සුළු ගංවතුර අවදානමක්..
Thursday, 24 September 2026 - 15:14 | Views - 32
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24ක කාලය සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ අනුව ගිං ගංගා ධ්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අලුත්ම තොරතුරුවලට අනුව තවලම, නාගොඩ, බද්දේගම මෙන්ම වැලිවිටිය - දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඉදිරි පැය 24 තුළ ඇතිවිය හැකි සුළු ගංවතුර තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් හා සූදානමින් පසුවන ලෙස ඉල්ලා සිටියා.

එමෙන්ම ගිං ගඟ දෙපස පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බැවින්, අදාළ ප්‍රදේශවල ගමනාගමනයේ යෙදෙන පදිකයින් සහ රථවාහන පදවන්නන්ද මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා.

ගඟට ආසන්නව වෙසෙන ජනතාවට සහ දරුවන්ට ගඟට බැසීමෙන් වළකින ලෙසත්, හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top