අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල් 6කට හෙට නිවාඩු.. පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය විදුහල්පතිවරුන්ට..
Thursday, 24 September 2026 - 20:18 | Views - 32
නුවරඑළිය දිස්ත්‍රික්කයට දැනට බලපා ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, හෙට (25) දින පාසල් විවෘත කර පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ සම්පූර්ණ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව අධ්‍යාපන බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

පවතින අතිශය අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6කට හෙට (25) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක සඳහන් කළා.

එමෙන්ම පවතින තත්ත්වය මත සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගෙන ඒ පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, හැටන් කලාප අධ්‍යාපන බලප්‍රදේශයට අද (24) දිනයේ ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමටද අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබුණා.

හෙට (25) දිනයේ පවතින කාලගුණික තත්ත්වය සලකා බලා පාසල් විවෘත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හැටන් කලාපයේද විදුහල්පතිවරුන්ට පවරා ඇති බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත කවිරාජ් ප්‍රකාශ කළා.

යම් හෙයකින් පාසල වසා දැමීමට තීරණය කරන්නේ නම් ඒ පිළිබඳව වහාම කලාප කාර්යාලය දැනුවත් කරන ලෙසටද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top