ලෝක ළමා දිනයට පුංචි පොඩ්ඩන්ට ලැබුණු සුපිරිම තෑග්ග.. ඔක්තෝම්බර් 1 වෙනිදා සත්වෝද්‍යානවල දොරටු නොමිලේ විවෘත වෙයි..
Thursday, 24 September 2026 - 19:12 | Views - 37
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයිනේ සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන පුංචි පැටවුන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඉතාමත් වටිනා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන 2026 ඔක්තෝම්බර් මස 1 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ස්ථානයන්හි දොරටු වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා නොමිලේම විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙදින සත්වෝද්‍යාන පරිශ්‍රයන් වෙත පැමිණෙන පුංචි දරුවන් වෙනුවෙන්ම වෙනදාට වඩා වෙනස් වූ විශේෂාංග රැසක්, අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම විස්මිත අත්දැකීම් රැසක්ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ නිසා එළඹෙන ඔක්තෝම්බර් 1 වැනිදාට ඔබේ පුංචි පැටවුන්ටත් සතුන් නරඹමින් නිදහසේ විනෝද වීමට මෙම අනගි අවස්ථාව හිමිවෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top