අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුවෙයි ද ? විශේෂ සාකච්ඡාව අද..
Tuesday, 22 October 2024 - 10:02 | Views - 555

සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමඟ අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 11ට මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.

මේ අතර, වෙළදපොලේ ඉහළ ගොස් ඇති පොල් මිල ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර, නගර ආශ්‍රිතව අඩු මිල ගණන් යටතේ පොල් අලෙවි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමටයි එම මණ්ඩලය සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ.

පසුගිය දිනවල රුපියල් 28ත් 32ත් අතර පරාසයක පැවති බිත්තරයක මිල මේ වනවිට රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top