කොළඹ - මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට..
Saturday, 19 October 2024 - 11:27 | Views - 334

කොළඹ කොටුව සහ මඩකලපුව අතර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කර තිබෙනවා.

වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණේ, මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී යි.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.

එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර, දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් , වනඅලි දෙදෙනෙකු ද මියගොස් තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top