උගුරත් පිච්චිලා , පානීය ජල බෝතලයේ තිබී ඇත්තේ වෙනත් යමක් ?
Saturday, 19 October 2024 - 11:04 | Views - 205

ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් ආහාර ගැනීමෙන් පසුව පානීය ජල බෝතලයක් ගෙන පානය කළ තරුණියකට එය ආසාදනය වීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

අදාළ තරුණිය මිලි ලීටර් 250ක් වන එම පානීය ජල බෝතලය මුද්‍රා ඉවත් කර පානය කර ඇති අතර, එහිදී උගුරට දැඩි අපහසුතාවක් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඇය පානය කළ ජලය වමනය කර ඇති අතර, එම අවස්ථාවේදී ඇයගේ උගුර ප්‍රදේශය පිචිචි යන අකාරය දැනී ඇති බවයි පොලිසියට ඇය ලබා දී ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

එම අවස්ථාවේදී අවන්හලට ආහාර ගැනීමට පැමිණි සිටි වෛද්‍යවරියක් එම ජල බෝතලය පානීය ජලය නොව සර්ජිකල් ස්ප්‍රීතු බවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, සර්ජිකල් ස්ප්‍රීතු අඩංගු බව කියන පානීය ජල බෝතලය පොලිස් භාරයට ගෙන ඇති අතර, එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබා දී පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top