පාසල් සිසුවියන්ට විශේෂ වූ නිවේදනය
Saturday, 19 October 2024 - 9:55 | Views - 587
ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යංශය සදහන් කළේ කළුතර ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට අදාළ එන්නත ලබාගැනීමෙන් පසු උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවී ඇති බවයි.
කෙසේ වෙතත්, අදාළ සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් යථා තත්වයට පත් වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.
එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා මෙවැනි තත්ත්වයන් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article