නාමයෝජනා ප්රතික්ෂේප වූ දමිතා , වෙනත් විදිහකින් මැතිසබයට ?
Friday, 18 October 2024 - 11:53 | Views - 401
තමාගේ නම ප්රතික්ෂේප වී ඇත්තේ, සන්නිවේදනය ප්රශ්නයක් හේතුවෙන් නම්, තමාට ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න එම පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබෙනවා..
රංගන ශිල්පිනී දමිතා අබේරත්න ,
"මට අහන්න තියෙන්නේ සමඟි ජන බලවේගයේ ලියන්න බැරි කතා කරන්න බැරි කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්රශ්න තියෙන්න ඕනේ එහෙම නම් නෙ. මේවා විහිලු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවනේ සන්නිවේදනයේ ප්රශ්නයක් කියලා. එහෙම නම් ඉතින් ජාතික ලැයිස්තුවෙන් ඔබ තුමා අයින් වෙලා, හරි මාව දාන්න."
Share This Article