කෙහෙළියගේ නම පාසලෙන් ඉවත් කෙරෙයි
Thursday, 17 October 2024 - 12:13 | Views - 246
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ඊයේ (16) අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ආණ්ඩුකාරවරයා අනුමැතිය දී ඇත්තේ එම යෝජනාවටයි.
අනුමැතිය හිමිවීමත් සමඟ ඉදිරියට මෙම පාසල කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය ලෙසින් හඳුන්වනු ඇති.
Share This Article