විටකට ගිය අමුතුම කලදසාව..
Wednesday, 02 October 2024 - 9:39 | Views - 228

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පුවක් ගෙඩියේ බාගය ද අලෙවි කරනු ලබන බවද සඳහන් වනවා.
ඒ අනුව, පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරනු ලබන බවද සඳහන්.
කෙසේ වෙතත්, ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ, මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.
එසේම, පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට ද අනාවරණය වී තිබෙනවා.
ඇතැම් වෙළෙඳුන් පවසන්නේ, බුලත් විටක වැඩි මිලක් සඳහන් කළහොත් අලෙවි නොවන බැවින් එක් පුවක් ගෙඩියක් විට දෙකකට යොදා එක් විටක් රුපියල් 60කට හෝ 70කට අලෙවි කරන බවයි.
මේ අතර, පසුගිය දිනවලදී බුලත් කොළයක්ද රුපියල් 15ත් 20ත් අතර මුදලකට අලෙවි වූ අතර, එය මේ වනවිට රුපියල් තුනයි ශත පනහා දක්වා අඩු වී තිබෙනවා.
පවතින පුවක් පලදාවේ අඩු වීම තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බවත් , ඉන් පසුව එය සාමාන්‍ය තත්ත්වයට පැමිණ බුලත් විටක් රුපියල් 50ත් 60ත් අතර මිලකට ලබා දිය හැකි බවත්, බුලත් විට වෙළෙඳුන් පවසනවා.
Share This Article